Home Local මහව අනතුරකින් මව හා පුතු මරුට

මහව අනතුරකින් මව හා පුතු මරුට

0
මහව අනතුරකින් මව හා පුතු මරුට
අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී  සිදු වූ රිය අනතුරකින්  32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇයගේ පුත්‍රයා මියගොස් ඇත
 
 ඊයේ (15) සවස 6.30ට පමණ  කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත
 
සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ සිටි 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
 
අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ 11 දෙනෙකු ගමන් කර ඇති බවද පොලීසිය පවසයි. 
 
කැබ් රථයේ රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් ඇත
 
සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය විමර්ශන සිදුකරයි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here