මහ ගුණ ඇති පුංචි ඇටේ ‘රටකජු’

    0
    56

    පුංචි ඇටයක මහා ගුණ පිරි, එහෙත් පහසු මිලෙන් යුතු රනිල කුලයේ භෝගයක් වන රට කජු ගැන ඔබගේ තක්සේරුව කුමක්ද?Anacardiaceae ඇනකාඩියේසියේ කුලයට අයත් Anacardium occidentale (ඇනකාඩියම් ඔක්සිඩෙන්ටාලේ) නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ‘රට කජු’, පරිප්පුවලට වඩා අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු, එහෙත් වැඩි තන්තු ප්‍රමාණයක් හා යකඩ, කැල්සියම්, විටමින් ඊ සහ බී-6 කාණ්ඩය මෙන්ම ප්‍රෝටීන් ගුණාත්මක මේද, සින්ක්, පොටෑසියම් මැග්නීසියම් හා ෆ්ලෙවනොයිඩ් ආදී පෝෂක ගණනාවකින් පිරි, වෙනත් බොහෝ ඇට වර්ගවලට වඩා පෝෂණ ගුණයෙන් උසස් භෝගයකි. තන්තුමය ස්වභාවය නිසා ආහාර ජීර්ණ පද්ධතියට ද හිතකර, එසේම අධි සහ අව රුධිර පීඩන ඇතුළු රෝග ගණනාවක් මැඬලීමේ ශක්තියෙන් ද යුක්තය.

    රට කජු පිළිබඳව අමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලය හා චීනයේ හුවාසොන් විශ්වවිද්‍යාලය එක්ව කරන ලද පර්යේෂණයකින් පවසන පරිදි රට කජුවල ඇති හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළය, ඉන් සිරුරේ ප්‍රදාහයන් අඩු වන බව ඔවුන් පවසයි. රට කජුවල අඩංගු ප්‍රෝටීන් විශේෂයකින් හදවත් රෝගවලට හේතුවන රුධිර නාළ ඝනවීම් දුරු කර ඒවා නම්‍යශීලි කරන බවත් ශක්තිමත් කරන බවත් එමඟින් ලේ ගමන ක්‍රමවත් වන බවත් ඔවුන් පවසා සිටී. පර්යේෂණ මඟින් පවසන්නේ ශක්තිජනක ආහාර හා විටමින් ගන්නා අයට වඩා රට කජු වැනි ආහාර ගන්නවුන් දිගුකල් නිරෝගි ජීවිත ගත කරන බවය.

    එසේ පළ කර ඇත්තේ පුද්ගලයන් 119,000ක් යොදාගෙන වසර 20ක් පුරා කළ හැදෑරීම්වලින් අනතුරුවය. ලුණු සහ තෙල් රහිත රට කජු ග්‍රෑම් 30ක් දිනපතා ගැනීමෙන් හදවත් රෝග 17% ද, පිළිකා, නොමේරූ ළදරු මරණ 11% අඩුවන බවත් සඳහන්ය. සතියට දෙවරක්වත් රට කජු ආහාරයට ගන්නේ නම් කාන්තාවන්ට බඩවැල් පිළිකා වැලඳීමේ අවදානම 57%කින් හා පිරිමින්ට 27%කින් අඩු වන බවත්, ගැබිනි මවුවරුන්ට රට කජු දීමෙන්, උපදින දරුවාට ධාන්‍ය ආශ්‍රිත අසාත්මිකතා අවම වන බවත්, එවැනි ආහාර දීමෙන් ආහාර දරා ගැනීමේ ශක්තිය වැඩි වන බව ද සඳහන් කර ඇත.

    රට කජු හරහා කාබෝහයිඩ්‍රේට් උරා ගැන්ම පමා කෙරෙන බැවින් ඉන් සීනි තත්ත්වය පාලනය වේ. අමතකවීම හෙවත් ඇල්ෂයමර් වැලඳීම රට කජුවලින් 70%කින් පාලනය වන බව ද අධ්‍යයන වාර්තාවක සඳහන්ය. ඒ ඉතා ඉහළ නියසින් අගයක් ඒවායේ පවතින බැවිනි. රට කජු සිරුරේ මාංශ පේශි ශක්තිමත් කරයි. අධික ආහාර රුචිය අඩු කරයි. ඒ නිසා අධි ආහාර පරිභෝජනයෙන් වැළකී තරබාරු බවින් මිදීමට ද ආධාරයකි. එය බොහෝ බෝ නොවන රෝගවලින් වැළැකීමට ද උපකාරයක් වේ.

    එහි ඇති විටමින් B-7 මගින් හිසකේ වර්ධනය කරයි. විටමින් B-9 මඟින් ශුක්‍රාණු නිරෝගි කර ශක්තිමත් කර දෙයි. මාංශ පේශි ශක්තිමත් කරයි. රට කජු මඟින් මොළය වයසට යෑම පමා කරයි. එමඟින් අමතකවීම්, ක්‍රියාකාරීත්වයේ අඩුවීම් වළක්වයි. ඇස් ආබාධ අවම කරයි. විටමින් ඊ මඟින් අභ්‍යන්තර ක්‍රියාවලියක් වන නිදහස් මූල ධාතු ඇතිවීම වළකා මනා තරුණ පෙනුමක් ඔබට අත් කර දෙයි.

    ඔබගේ කෑම වේලට ගුණාත්මක වෙනසක් එක්කිරීමට රටකජු ව්‍යාංජනයක් පහසුවෙන් සාදාගමු.

    අවශ්‍ය ද්‍රව්‍ය

    අමු රටකජු කෝප්ප 2

    (රතු පොත්තද ඉවත් කර)

    මිරිස් කුඩු

    අමු තුනපහ

    බැදපු තුනපහ

    සිහින්ව කැපූ අමුමිරිස්, බී ලූනු, සුදු ලූනු

    උලුහාල්, කුරුඳු

    රම්පෙ

    කරපිංචා

    මිටිකිරි

    දියකිරි

    සාදාගන්නා ආකාරය

    රට කජු ගෙන පැයක් දෙකක් පමණ වතුරේ පොඟවා ගෙන මිරිස් කුඩු, අමු තුනපහ, කුරුඳු දමා වතුර දමා තම්බා ගන්න. වතුර අඩු ප්‍රමාණයක් ඉතුරු වන විට ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, සුදු ලූනු දමන්න වතුර අවසන් වූ විට දිය කිරි දමා එය උතුරා සිඳී ගෙන එන විට මිටි කිරි දමා මඳ ගින්නේ තබන්න, උඩින් බැදපු තුනපහ ඉස ගන්න. අවසානයේ රස අනුව ලුණු දමන්න.

     

     

     

     

    මොනිකා ඉලංගසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here