නිවෙස සම්පූර්ණයෙන් අළු වෙයි
රුසියාවේ බැෂ්කොර්ටොර්ස්ටාන් කලාපයේ වැඩිහිටි නිවෙසක ඇති වූ ගින්නකින් 11දෙනකු මියගොස් තිබේ. සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වූ මේ වැඩිහිටි නිවාසයේ අදාළ සිද්ධිය වූ ආකාරය සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ වී තිබේ. ඉෂ්බුල්ඩිනෝ නම් ගම් ප්රදේශයේ පිහිටි මේ වැඩිහිටි සාත්තු නිවාසයේ සිටි සිව් දෙනෙක් ගින්නෙන් දිවි බේරාගෙන ඉවතට ඒමට සමත් වී ඇත.
බලධාරීහු ප්රකාශ කරන්නේ ලාභ නොලබන ආයතනයක් ලෙස ලියාපදිංචි වී ඇති මේ ආයතනය රාත්රී නවාතැන් සැපයීම ලියාපදිංචි වී නොමැති බවයි.