වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් -19 ආසාදිතයා මරදාන ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය පවසයි.
රෝහල්ගත වීමේදී ව්‍යාජ ලිපිනයක් ලබාදී ඇති අදාළ පුද්ගලයා ඊයේ (15) පස්වරුවේ රෝහලෙන් පළාගොස් තිබුණි.
ඒ අනුව සැකකරුව සොයා ගැනීමේ අරමුණින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද පෙරවරුවේ ඡායාරූපයක් ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.