වැලිසර රෝහලේ පලා ගිය කොවිඩ් ආසාදිතයෙකු සොයා පරීක්‍ෂණ

0
35
වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 43 හැවිරිදි කොවිඩ් – 19 ආසාදනය වූ රෝගියෙකු වැලිසර ලය රෝහලෙන් පලාගොස් තිබේ.
 
පොලිසිය සඳහන් කළේ ඔහු සොයා මේවනවිට පරීක්ෂණ පවත්වන බවය.
 
මෙම රෝගියා රෝහලට ඇතුලත් වීමේදී ලබාදී ඇති ලිපිනයද ව්‍යාජ එකක් බවද පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන තිඛේ
මරදාන ප්‍රදේශයේ ලිපිනයක් ඔහු විසින් ලබා දී තිබුණද, ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව කරුණු අනාවරණය කර ගෙන ඇත’
 
මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයෙකු බවට කරුණු අනාවරණය වී ඇති බවත් මේ වන විට මහබාගේ පොලිසිය විසින් සෙසු පොලිස් ස්ථාන සමග සම්බන්ධිකරණ කරමින් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here