සෞභාග්‍යයේ දැක්ම තුළින් නැ‘හිර සම්පත්වලින් ප්‍රයෝජන ගත හැකියි – නැඟෙනහිර ආණ්ඩුකාර

0
33

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම තුළින් නැඟෙනහිර පළාතේ ඇති සියළු සම්පත් වල ප්‍රයෝජනය ගැනීමට හැකි බවද නැඟෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය. එය යථාර්ථයක් කිරිම සදහා සියළු දෙනාම කැපවී කටයුතු කළ යුතු බවද ආණ්ඩුකාරවරිය කීවාය. සෞභාග්‍යයේ දැක්ම යටතේ නැඟෙනහිර පළාත තුළ ක්‍රියාකාරි තිරිසාර සැලැස්මක් සැකසීමේ ප්‍රධාන උත්සවයට මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ (16) එක් වෙමින් ඇය මේ බව කියා සිටියාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය, සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු ප්‍රවීනයන් පිරිසකට. මමත් ඒ කාලේ ඒ කණ්ඩායමත් සමග වැඩ කළා. වියත්මග සංවිධානය සහ තවත් සංවිධාන සමග. ඉතින් අපි හිතුවා අපේ රට සංවර්ධිත රටක් කරා යාමට නම් අපේ ඉලක්ක නිවැරදිව හදුනා ගත යුතුයි. අපි සෞභාග්‍යයේ දැක්ම බලාපොරොත්තු වුනේ රට තුළ සැබැ වෙනසක් ඇති කරන්න. අපි දන්නවා අපේ රජය යුද්ධයක් තිබුනු අවස්ථාවක බලයට පත් වෙච්ච වෙලාවේ යුද්ධය ඉවර කරලා දෙන්න පොරොන්දු වුණා. කිවුවා වගේම ඔවුන් ඒ යුද්ධය ඉවර කරලා දුන්නා. පාරවල් හදලා උතුරු නැගෙනහිර පළාත් වල සංවර්ධනයකට මුල පිරුවා. අවුරුදු කීපයක් යහපාලන ආණ්ඩුව ඒ සියල්ල ආපස්සට හැරෙවුවා. දැන් සෞභාග්‍යයේ දැක්මෙන් සංවර්ධිත රටක් කරා රැගෙන යාම තමයි සිදු කරන්න තියෙන්නේ. ජනාධිපතිතුමා ඇතුළු රජය ඉතාම කාර්යශිලි ලෙස මේ පියවරවල් ඉස්සරහට ගෙන යයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here