ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20 ක්රිකට් තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමිවිය
සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53 කින් පරාජය කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් විය
තරඟයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහර දුනි
මේ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 188 ක් රැස් කළහ
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09 ක් දැවී ලකුණු 135 ක් පමණක් රැස් කර ගත්හ