අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ්, මොහොමඩ් අස්ලාම් තවදුරටත් රිමාන්ඩ්

0
34
Author(s): 
සුභාෂිණී සේනානායක

යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවත කිරීමේ චෝදනාව මත ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමැති අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් යන දෙදෙනා තවදුරටත් ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (17)නියෝග කෙළේය.

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැති අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කෙළේය.

මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරිය ඊයේ දක්වා රක්ෂිත භාර ගත කිරීමෙන් අනතුරුව සිද්ධියට අදාළව නඩුව ගොනු කර ඇති කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් වරිය බන්ධනාගාරයට නියෝග කර තිබේ.

ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතාවක් 2015ත් 2019ත් අතර කාලය තුළ සිදුව ඇති බවට ලද පැමිණිල්ලක් මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස කටයුතු කර ඇති අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් නමැති අය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් නමැති අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු බව විමර්ශන අනාවරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here