අමෙරිකාවේ ප්‍රාන්ත 14කට දරුණු හිම කුණාටුවක්

0
16

අඩි 2ට වැඩි උස හිමපතනයක්: කෝටි 6ක ජනතාවට පීඩා

අමෙරිකාවේ ඊසාන දිග ප්‍රදේශයේ ප්‍රාන්ත 14ක කෝටි 6ක ජනතාවට බලපාන ඉතා බලවත් හිම කුණාටුවක් පැමිණ ඇතැයි වාර්තා සඳහන් කරයි. මේ නිසා පෙනිසිල්වේනියාවේ සහ නිව්යෝර්ක්වල ඇතැම් ප්‍රදේශවල අඩි දෙකකට වඩා උසට හිමපතනය සිදු වී ඇත. බරපතළ ලෙස මේ තත්ත්වය බලපා ඇති ප්‍රදේශවල ප්‍රවාහන කටයුතු සහ විදුලි හා බලශක්ති සැපයුම් අඩාල වී ඇතැයි ජාතික කාලගුණ සේවය පවසයි. මධ්‍යම පෙනිසිල්වේනියාවේ රථවාහන රැසක් එකට ගැටීම නිසා දෙදෙනකු මියගොස් ඇත. මේ අයහපත් තත්ත්වය සඳුදා (14) ආරම්භ කළ කොවිඩ් එන්නත් බෙදාදීමේ කටයුතුවලට බලපාන්නේ නැතැයි නිලධාරීහු තවදුරටත් පවසා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here