ආයුර්වේදයට මුවාවන සම්බාහනය

    0
    15

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික බල ප්‍රදේශයෙත් ඒ අවට පිහිටි තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතවත් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ සභ්‍යත්වයටත් හැදී වැඩී එන දරු පරපුරේ අනාගතයටත් බලවත් තර්ජනයක් එල්ලවී ඇති බව එම ප්‍රදේශවාසීහූ පවසති.

    ආයුර්වේද සම්බාහන සේවා සපයන ආයතන ලෙස මේවා ස්ථාපිත කර ඇත. මෙලෙස ස්ථාපිත කර තියෙන ඇතැම් මධ්‍යස්ථාන තුළ සිදු කෙරෙණුයේ සදාචාර විරෝධී ක්‍රියා බැව් ප්‍රදේශවාසීන් කියයි. සංවිධානගත ජාලයක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන අතර, අදාළ තැන්වලට පිරිස් රැගෙන යාම වෙනුවෙන් ත්‍රිරෝද රථ සේවාවක් ද ක්‍රියාත්මක වේ. සදාචාර විරෝධී ක්‍රියාවන්වලට අමතරව ගංජා, මත්පැන්, මත් කුඩු, මත් පෙති වැනි දේවල් ද මේ හරහා ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

    ප්‍රදේශයේ තරුණයන් මෙන්ම පාසල් සිසුන් ද මෙම මධ්‍යස්ථාන වෙතට බහුල ලෙසින් මෙහි යනු ඇත. එසේ ගොස් නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාවල යෙදෙන බවත් එම ප්‍රදේශවාසීන්ගේ අදහසයි.

    නුගේගොඩ, නාවල, පිටකෝට්ටේ, මාදිවෙල, ඇතුල්කෝට්ටේ, රාජගිරිය, බැද්දගාන, තලවතුගොඩ, ඇඹුල්දෙණිය, කට්ටියහන්දිය, ගම්සභා හන්දිය, කොස්වත්ත, බත්තරමුල්ල ආදී ප්‍රදේශ 50කට අධික මධ්‍යස්ථාන සංඛ්‍යාවක් ස්ථාපිතව පවතී. ළාබාල තරුණියන් මෙම ස්ථානවල සේවාව සඳහා යොදවා ඇත. මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වන ඇතැයි ප්‍රදේශවාසීහු බලාපොරොත්තු වෙති.

    ආර්. එම්. ජයන්ත – කෝට්ටේ

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here