උපරිමාධිකරණ ගින්න සුළුවෙන් හිතන්න බෑ – පා. මන්ත්‍රී මනූෂ නානායක්කාර

0
27

අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය තුළ ගින්නක් හට ගැනීම සුළුවෙන් තැකිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවැසීය.

එය කාගේ හෝ නඩු ඉක්මණින් විසඳීමේ ක්‍රමයක්ද එසේ නැතිනම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි කියා ජනතාව තුළ සැකයක් මතු වෙමින් පවතින බවද ඒ මහතා කීවේය.

20වැනි සංශෝධනයත් සමඟ අධිකරණයේ පරිපාලනය අතට ගැනීම, නිදහස් කර ගැනීමට සිරකරුවන් පෝලිමක් සිටීම වැනි කාරණා හදිසි ගිනි ගැනීමත් සමඟ සම්බන්ධ වනවාදෝ කියා සමාජ කතිකාවක් හටගෙන ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ඔහු මේ අදහස් පළ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (16) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

පහන් විජේසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here