එංගලන්තයේත් පවුලේ නත්තල් සැමරුම් අවලංගු කිරීමේ ප්‍රවණතාවක්

0
17

නත්තල් සමයේ ඇති වන සැණකෙළි සමය නිසා කොවිඩ්-19 අවදානම ඉහළ යාම හේතුවෙන් මෙවර පවුලේ නත්තල් සැමරුම් අවලංගු කිරීමේ ප්‍රවණතාවක් එංගලන්තයේ ඇති වී තිබේ. මේ ආකාරයෙන් පවුලේ සැමරුම් නතර කළ යුවළක් වන හැම්ෂයර්හි මික් තොම්සන් සහ ඔහුගේ බිරිය ඩෙබී පවසන්නේ මෙසේ නත්තල් සැමරුම නතර කිරීම තම සිතට මුල දී දුකක් ගෙනාවද කොවිඩ් රෝගයේ භයානකත්වය ගැන කල්පනා කිරීමේ දී මේ තීරණය ගැනීම ගැන තවදුරටත් කනගාටුවක් නොවූ බවයි. එංගලන්තයේ වේගයෙන් වර්ධනය වන කොවිඩ් ආසාදන නිසා සිය ගණනින් පවුල් නත්තල් සාද පැවැත්වීම අත්හිටුවා තිබේ. මේ අතර දෙසැම්බර් 23දා සිට 27වැනි දින දක්වා සමාජ සම්බන්ධතා පැවැත්වීමේ සහනයක් ප්‍රකාශයට පත් කරමින් උපරිම වශයෙන් පවුල් තුනකට සීමා වී ගෘහ අභ්‍යන්තරයේ නත්තල් සාද පැවැත්වීමට බලධාරීහු අවසර ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here