කොවිඩ් මූලාරම්භය සෙවීමට ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් චීනයට

0
39
කොවිඩ් -19 හි මූලාරම්භය පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර  ජාත්‍යන්තර විද්‍යාඥයින්10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබන මාසයේ චීනයේ වුහාන් වෙත යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
ස්වාධීන පරීක්ෂණයකට එකඟ වීමට බීජිං පසුබට වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට නගරයට ප්‍රවේශ වීමට මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා කර ඇත.
 
වෛරසය වූහාන් නගරයේ සත්ව වෙළෙඳසැළකින් ව්‍යාප්තිය ආරම්භ වූ බවට මත පළවුවද එය මෙතෙක් තහවුරු වී නොමැත.වෛරස ව්‍යාප්තිය චීනයේ අනුදැනුම මත සිදුවූ බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය චෝදනා කළ අතර චීනය ප්‍රකාශ කරන්නේ එම වෛරසය පළමුව ව්‍යාප්තිය ආරම්භ වූයේ චීනයෙන් පිටත ප්‍රදේශයක බවය.
 
වුහාන් වෙත ගමන් කරන කණ්ඩායමේ ජීව විද්‍යාඥයෙක් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සියට පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ හරහා උත්සාහ කරන්නේ කිසියම් පාර්ශවයකට චෝදනා කිරීම නොව අනාගතයේ වෛරසය පැතිරීම වැළැක්වීමට බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here