දකුණු කොරියාවේ වෙසක් කූඩු සැණකෙළිය යුනෙස්කෝ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයක් ලෙස නම් කර තිබේ. බුදුන් වහන්සේගේ උපත සිහිපත් කරමින් මීට සියවස් ගණනාවකට පෙර ආරම්භ වූ මේ වාර්ෂික උත්සවය වෙනුවෙන් රටපුරා සියලු පන්සල්වල, නිවාසවල සහ මාර්ගය දෙපස විචිත්‍ර වෙසක් කූඩු දැල්වේ. එසේම ඉතා විශාල පාවෙන සැරසිලි පෙළපාළි ද මේ වෙනුවෙන් පැවැත්වේ. සතුටේ සැණකෙළියක් වන මේ උත්සවය විපත්තිදායක කාලයක මිනිසුන්ට සැනසුම ගෙනදෙන කටයුත්තක් වී ඇතැයි යුනෙස්කෝව අර්ථ දක්වා තිබේ.