ද්‍රවිඩ මන්ත්‍රීවරුන් ජනතාව නොමඟ යවනවා – ඇමැති සරත් වීරසේකර

0
35
Author(s): 
අසේල කුරුළුවංශ

එල්ටීටීඊ සංවිධානය වැනි ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් සම්බන්ධයෙන් ප්‍රශංසනාත්මකව කතා කරමින් ජනතාව නොමඟ යැවීමට ඇතැම් ද්‍රවිඩ මන්ත්‍රීවරු කටයුතු කරන බවත් එවැනි දේ මින් ඉදිරියට සිදු නොකිරීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නා බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අැමැති සරත් වීරසේකර මහතා පවසයි.

මල්වතු අස්ගිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා පෙරේදා (16) මේ බව පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා මෙසේද පැවසුවේය.

හිට්ලර් සහ නාසි හමුදාවන් සම්බන්ධව ප්‍රශංසා මුඛයෙන් ජර්මන් පාර්ලිමේන්තුවේ කතා කළහොත් සිර දඬුවම් දුන්නා. පාර්ලිමේන්තුව තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධාන වල ගුණ වයමින් එක් ජන කොටසක් කුපිත කිරීමටත් තවත් ජන කොටසක් නොමඟ යැවීමටත් ඇතැම් මහජන නියෝජිතයින් කටයුතු කරනු පසුගිය කාලයේ දක්නට ලැබුණා. එවැනි ප්‍රකාශ ජර්මන් පාර්ලිමේන්තුවේ සිදු කළ හොත් සිරදඬුවම් විඳීමට සිදු වුණා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙමළ ජනතාව තුළ සිංහල ජනතාව කෙරෙහි ද්වේශය ඇති කරන ප්‍රකාශ කරනවා.මේවා වලක්වන්න අපි පනතක් පාර්ලිමේන්තුවට ගේනවා.එක් එක් අයගේ අවශ්‍යතා මත ඕනෑ විදිහට එල්ටීටීඊ සංවිධානය ගැන ප්‍රශංසා කරන්න බැහැ. මොවුන් මේ තුළින් අපේක්ෂා කරන්නේ දෙමළ ජනතාව නොමඟ යැවීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here