නත්තල් දින දේව මෙහෙය ගැන කාදිනල් හිමියන්ගෙන් දැනුම් දීමක්

0
35
නත්තල් දින දේව මෙහෙය සියලු සෞඛ්‍ය නිර්ණායක ආරක්ෂා වන පරිදි පවත්වන්නැයි සියලු මීසම් වෙත දැනුම් දී ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි. ඊට අදාල සියලු උපදෙස් ලබා දී ඇති බවයි කාදිනල්හිමියන් අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
 
ඒ අනුව දැනට හුදෙකලා කර නොමැති ප්‍රදේශවල පිහිටි දේවස්ථානවල නත්තල් දේව මෙහෙය කාණ්ඩ වශයෙන් බැතිමතුන් කැඳවා පැවැත්වීමට අවසර ලැබෙන අතර එම ඒ සඳහා සහභාගි කරගත හැකි උපරිම බැතිමතුන් ප්‍රමාණය 50 කට සීමා කර තිඛේ.
 
විද්‍යුත් මාධ්‍ය හරහා නත්තල් දේව මෙහෙය සජීවීව විකාශය කිරීමටද කටයුතු කර ඇති අතර ඒ අනුව කතෝලික බැතිමතුන්ට සිය නිවසේ සිටම නත්තල් දේව මෙහෙය සඳහා සහභාගි විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here