පොර කුකුල් කැබිනට්ටුව

0
9
19 දෙසැම්බර්, 2020

පොර කුකුළන් සමඟ පැවැත්වූ සටන් සම්බන්ධයෙන් තවදුරටත් අතීතයේ කතාන්දර බොහොමයක් තිබෙනවා.මේ ක්‍රීඩාව කොතරම් රට තුළ මුල්බැසගෙන තිබුණද කියනවා නම් පෘතුගීසින්ද, ලන්දේසීන් එක්කද ගිවිසුම් ගහන්නේ කියලා එකල තීන්දු තීරණ ගත්තෙ පොර කුකුලන් තුන් දෙනෙක්ගෙන් යුත් කැබිනට්ටුවකිනුයි. කැබිනට්ටුවක් කියලා කිව්වට වර්තමානයේ තියෙන අමාත්‍ය මණ්ඩලයක් වගේ එකක් නොවෙයි. හැබැයි එවැනි තීරණය ගන්න සාකච්ඡාවක් කළේ නැතිවුණත් පොර කුකුලන් එකිනෙකා ගැටි රජු ගතයුතු මාර්ගය ගැන පෙන්වා සිටියා.a

මෙවැනි පොර කුකුලන්ගේ ජන සෙල්ලම් කොතරම් දැඩිව රට තුළ ව්‍යාප්තව තිබුණාද කියලා පෘතුගීසි සමයේ ලක්දිව වෙළහෙළඳාම් කළ මොහොමඩ් ඛාන් නවාබ් නැමැත්තෙකුත් සටහන් තබා තිබෙනවා. ඔහු පවසන්නේ ඒ කාලයේ සිට සියම් පොර කුකුළන්ට වැඩි ඉල්ලුමක් පැවතුණු බවයි. ඒ සියමෙන් ගෙන්වන පොර කුකුළන්ට ශක්තිමත් පොරකටු තිබුණු නිසා කියලා ඔහු පවසා තිබෙනවා.

රාජසිංහ රජුගේ පොර කුකුළු කෙටවීම

අතීත දිග්ගම්පල් කෝරළය නමින් හැඳින්වුණු දැන් කුකුල් කෝරළය තුළ ජනප්‍රවාදයේ පැවැත එන කවියක් තියෙනවා. ඒ මහනුවර රජ කළ පළමු රාජසිංහ රජ්ජුරුවන්ගේ පොර කුකුළෙක් කුකුළෙක් විසින් පරාජය කරපු ආකාරය ගැනයි. එහි සඳහන්ව ඇත්තේ මෙන්න මෙහෙමයි.

‘දිග්ගම්පල් ගමේ කළු කුකුළා සාඩම්බරව කොක් හඬ නගමින් රජ වාසල රජුගේ සියලු පොර කුකුළන් හනික මරා දැමුවේය. බලාපොරොත්තු රහිතව සිදුවූ මෙම සිදුවීමෙන් පුදුමයට පත්වූ රාජසිංහ රජු ඒ අදිසි ජයග්‍රහණය සිහිකරන්න දිග්ගම්පල කෝරළය, කුකුල් කෝරළය ලෙස නම්කරලා තිබෙනවා.

කුසුමා අබේසිරිගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here