මඟීන් 270කට මරු කැඳවමින් 1988 දී පුපුරාගිය පෑන් අමෙරිකන් යානය

0
19

තවත් වග කිව යුතු ලිබියා ජාතිකයකු ගැන හෙළි වෙයි

සිවිල් මඟීන් 270කට මරු කැඳවමින් 1988 දෙසැම්බර් 21 වැනිදා පුපුරාගිය පෑන් අමෙරිකන් 103 ගුවන් යානය ස්කොට්ලන්තයේ ලොකර්බි නගරය අසල දී පුපුරවා හැරීමට වගකිවයුතු තවත් ලිබියානු ජාතිකයකු ගැන තොරතුරු අනාවරණය වී ඇත. අබු අගිලා මොහමඩ් මසූඩ් නම් මේ පුද්ගලයා නඩු විභාගය සඳහා තම රටට ගෙන්වා ගැනීමට අමෙරිකානු බලධාරීන් ඉල්ලීමක් කර ඇත. බොයිං 737 වර්ගයේ මේ ගුවන් යානය පිපිරවීමේ සිද්ධියේ බෝම්බය නිෂ්පාදනය කිරීමට මේ තැනැත්තා වග කිවයුතු බව පැවැසේ. ලන්ඩන් නුවර සිට නිව්යෝර්ක් නුවරට ගමන් ගත් මේ ගුවන් යානයේ සිටි වැඩිදෙනා අමෙරිකානු ජාතිකයින් වන අතර සිද්ධිය නිසා භූමියේ සිටි 11 දෙනෙක් ද මරු වැලඳ ගත්හ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here