සඳේ පස් නියැඳි රැගත් චැංගී-5 යානය පොළොවට පතිත වෙයි

0
17

චන්ද්‍රයාගෙන් පස් සහ පාෂාණ සාම්පල් රැගෙන ඒමේ චීනයේ චැන්ගී-5 මෙහෙයුම සාර්ථක කරමින් එම යානය සාර්ථකව පොළොවට පැමිණියේය. එම කැප්සියුලය එරට වේලාවෙන් බ්‍රහස්පතින්දා (17) 01.30ට මොංගෝලියාවේ අභ්‍යන්තර භූමි ප්‍රදේශයකට පතිත විය. මීට කලින් අමෙරිකාවේ ඇපලෝ සහ රුසියාවේ ලූනා මෙහෙයුම්වලින් චන්ද්‍රයා වෙත ගොස් පස් නියැදි රැගෙන ආපසු පැමිණීමෙන් වසර 40කට පසුව චීනයේ මේ සඳ ගමන සිදු විය. මේ නියැදිය චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක පිහිටීම සහ ආදී ඉතිහාසය ගැන විස්තර අනාවරණය කරනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here