කොරෝනා ආසාදිත තරුණියක් සමග සෙල්ෆි ඡායාරූප ගත් සෞඛ්‍ය අංශ සේවකයකුට දින 14ක් නිරෝධායනය වීමට සිදුවීමේ පුවතක් මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයකින් වාර්තා වේ.
එම පළාත් පාලන ආයතනය පිහිටි නගරයට පිටින් පැමිණි තිස්පස් දෙනකුගේ කණ්ඩායමක සිටි හත් දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඔවුන් ප්‍රතිකාර සඳහා යවා සෙසු පිරිස ස්ථාන දෙකක නිරෝධායනයට යොමුකර තිබේ.
මෙහිදී තරුණයන් සහ තරුණියන් ස්ථාන දෙකක නිරෝධායනයට යොමුකර තිබුණි.
එම තරුණියන් සමග සෙල්ෆි ඡායාරූප ගත් දෙදෙනකු මෙලෙස නිරෝධායනයට යොමුකර ඇත.එම තරුණියගේ පී.සී.ර්. ප්‍රතිඵල මත එක් තරුණියකට වයිරසය ආසාදනය වී ඇති බවද තහවුරු වී තිබේ.