නවතම ASUS VivoBook S15 ලැප්ටොප් ශ්‍රී ලංකාවට

0
28
19 දෙසැම්බර්, 2020

 

ASUS සමාගමේ 11th Gen නවතම VivoBook S15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. තරුණ පරම්පරාවේ පරිශීලකයන්ගේ අවශ්‍යතා පිළිබඳ වඩා හොඳ අවබෝධයකින් යුතුව සියලුම දෙනාගේ විවිධ අවශ්‍යතාවන්ට සරිලන අකාරයෙන් නිර්මාණය කර ඇති මෙම VivoBook S15 ආකර්ෂණීය පෙනුමකින් සහ සැහැල්ලු බවින් ඉතා ඉහළය.

එලෙසම එහි පෙනුම මෙන්ම ක්‍රියාකාරිත්වය ද අසමසම මට්ටමකට ගෙන එමින් 11th Gen Intel processors සහ NVidia GeForce MX350 graphics සමඟ මනා සමබරතාවයක් ගොඩ නඟා ඇත.

අද්විතීය ASUS VivoBook ලැප්ටොප් මාලාව 11th Generation Intel® Core™ processors සහ NVIDIA GeForce MX350 graphics කාඩ් මගින් බල ගැන්වේ.

එසේම එහි අන්තර්ගතව ඇති ASUS Intelligent Performance Technology (AIPT) මගින් ලැප්ටොප් පරිගණකයේ ක්‍රියාකාරිත්වය 40% ක් ඉහළ නැංවේ. VivoBook ලැප්ටොප් පරිගණක මාලාවෙහි අති ප්‍රබල විශේෂාංග රාශියක් ඇතුළත් වන අතර එහිදී 16 GB දක්වා RAM එක ඉහළ නැංවීමේ හැකියාව ඇත.

තවද සුවිසල් ධාරිතාවකින් හා අධිවේගී ප්‍රබලත්වයකින් යුතු PCIe® SSD සමඟ Intel Optane™ Memory H10 මෙහි ඇතුළත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here