නීතිපති කොවිඩ් නෙගටිව්

0
37
Author(s): 
කුමුදු හෙට්ටිආරච්චි

වව්නියාවේ සංචාරක බංගලාවක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වූ නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඇතුළු කිසිවකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙණෙවිය පැවැසුවාය.

එම විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ නීතිඥවරයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් නීතිපතිවරයා ඇතුළු එම උත්සවයට සහභාගි වූ පිරිසට පී. සී. ආර්. පරීක්ෂණ සිදු කළ බව පවසන නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණිය ඔවුන් කිසිවකුටත් වයිරසය ආසාදනය වී නොමැති බවද පැවැසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here