ප‍්‍රංශ ජනපති නිසා යුරෝපා නායකයින් හුදෙකලා වෙයි

0
39
 
යුරෝපා නායකයින් රැසක් මේවනවිට නිරෝධායනයට ලක්ව, හුදෙකලාව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
මීට හේතුවී ඇත්තේ ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරුවීමත් සමගය.
 
බෙල්ජියමේ බ‍්‍රස්ල්ස් අගනුවර පැවැති සමුළුවකට ප‍්‍රංශ ජනාධිපතිවරයාද පසුගියදා සහභාගී වි තිබුණි. යුරෝපා නායකයින් රැසක් ද එම සමුළුවට සහභාගී වී ඇති අතර ඔවුන් එහිදී ප‍්‍රංශ ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කර ඇති බව සදහන් වේ.
 
ඒ අනුව ස්පාඤ්ඤ අග‍්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් ද මේවනවිටත් ස්වයං නිරෝධායනයට යොමු වී සිටියි. ඔහුට සිදුකළ පරීක්ෂණවලදී වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වුවත්, ඔහු නිරෝධායනයට ලක්ව සිටින වාර්තාවේ.
 
යුරෝපානු කවුන්සිලයේ ප‍්‍රධානී චාල්ස් මිෂෙල් ද මේවනවිට සිටින්නේ හුදෙකලාවය. ඊට අමතරව පෘතුගාල අග‍්‍රාමාත්‍ය අන්තෝනියෝ කොස්තා, බෙල්ජියමේ අග‍්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ද කෲ, ලක්සෙම්බර්ග් අග‍්‍රාමාත්‍ය සේවියර් බෙටෙල් මෙන්ම අයර්ලන්ත අග‍්‍රාමාත්‍ය මයිකල් මාටින් ද මේවනවිට සිටින්නේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටියි.
 
 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here