බස්නාහිරින් පිට යන අයට ඇන්ටිජන් පරීක්ෂණ

0
40
Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

බස්නාහිර පළාතෙන් පිටතට යන මඟීන් කොවිඩ් – 19 ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ අහඹු නියැදි පරීක්ෂාවට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

මේ පරීක්ෂාව ඊයේ (18) සිට ආරම්භ කළ අතර සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි මේ තීරණය ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

කොළඹ මහනුවර මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශය, කොළඹ හලාවත මාර්ගයේ මීගමුවට ආසන්න ප්‍රදේශය, කොළඹ රත්නපුර මාර්ගයේ කොස්ගම සාලාව ප්‍රදේශය සහ කොළඹ මාතර මාර්ගයේ බේරුවල ප්‍රදේශය යන ස්ථානවලදී මේ පරීක්ෂණ කටයුතු සිදු කෙරේ. සංචාරක ජනතාවගෙන් පිට පළාත්වලට වයිරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් මේ ක්‍රියාමාර්ගය ගන්නා බවත් මේ පරීක්ෂණ කටයුතු පිළිබඳ බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර ඇති අතර බස් රථවල හා අනෙකුත් වාහනවල ගමන් කරන මගීන්ගේ අපහසුතාද හඳුනා ගනිමින් මේ කටයුතු සිදු කිරීමට නියමිත බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසුවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here