සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ක්‍රියාවට නංවා ඇති ‘Beach Caretaker’ වැඩසටහන වෙනුවෙන් එම අධිකාරිය සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle සමඟ අත්වැල් බැඳගැනීමට Cinnamon Bey Beruwala හෝටලය පසුගිය නොවැම්බර් 27 වැනි දින කටයුතු කළේ ය.
බේරුවල මුහුදු වෙරළ සුරක්ෂිත කිරීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වී තිබේ. වෙරළ තීරය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් දීර්ඝ කාලීන ක්‍රියාකාරකම් මාලාවක් ඔස්සේ ජනතාව දැනුවත් කිරීම සහ තිරසාර සංචාරක කර්මාන්තයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්ක වී තිබේ.
මඟපෙන්වන්නෙකු සමඟ ‘ස්නෝක්ලින්’ පිහිනුම් වැඩසටහන් වැනි තරුණ පරපුර ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාවට නැංවීම, පරිසරයට ඇතිවන බලපෑම අවම වන, වඩාත් තිරසාර ව්‍යාපාර ක්‍රමවේද නිර්මාණය කිරීම සහ පරිසරය සුරැකීමේ වැදගත්කම සම්බන්ධයෙන් වෙරළ තීරය වෙත පැමිණෙන්නන් දැනුවත් කිරීම වැනි වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක වනු ඇත.