මුල් රැල්ලේ එකමුතුකම දෙකේදී නැති නිසා තත්ත්වය දරුණු වුණා – ජවිපෙ නායක

0
37

පළමු කොවිඩ් රැල්ලේදී සියලු අංශවල තිබූ ඒකමතිකභාවය දෙවැනි කොවිඩ් රැල්ලේදී බිඳී යෑම වසංගත තත්ත්වය දරුණු වීමට බලපෑ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) දිනමිණට පැවසුවේය.

පොදු ජනතාව, පාලකයන්, හමුදාව ඇතුළු ආරක්ෂක සේවා, සෞඛ්‍ය සේවා යන සියලු අංශ එක් දිශානතියකට මෙහෙයවීම පළමු කොවඩ් රැල්ලෙහි සාර්ථකත්වයට හේතුවුවද දෙවැනි රැල්ල වඩාත් දරුණු වූයේ ඒ ක්‍රමවේදය අනුගමනය නොකළ නිසා බව පැවැසීය.

අද වන විට රෝගීන් සංඛ්‍යාව වාර්තාවන්නේ පරීක්ෂණ සංඛ්‍යාවට සාපේක්ෂව බැවින් දෛනිකව කරනු ලබන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමත් මුළු සමාජයක් ලෙස එයට අවධානය යොමු කොට වසංගතය මැඬපැවැත්වීම සඳහා තනි තනි පුද්ගලයන්ට තිබෙන වගකීම තේරුම් කර දීමත් ඒ සඳහා අවශ්‍ය වන පාලන මැදිහත්වීමත් යන සියලු කාරණා තෘප්ත කරගතහොත් ⁣පවතින තත්ත්වය තවත් දරුණුවීම වළක්වා ගත හැකි බවත් අවධාරණය කළේය.

නදී මාණික්කගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here