දුරකතනයෙන් කතා කරන්න ඉඩ
නත්තල් උත්සවය වෙනුවෙන් රැඳවූවන්ට අමුත්තන් හමුවීමේ අවස්ථාව මෙවර හිමි නොවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවැසුවේ සෞඛ්‍ය අංශ කොවිඩ් මර්දන නීති රීති උපදෙස් මත මේ පියවර ගැනීමට සිදුව ඇති බවයි.
ඒ නිසා රැඳවූවන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් රුපියල් 2,000ක මුදලක් ඔවුනට ලබා දෙන බවත් ඒ මුදල අදාළ බන්ධනාගාරයේ ආපන ශාලාව වෙත ලබාදී රැඳවූවන්ට තමන්ට අවශ්‍ය කෑම වර්ග හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගත හැකි බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.
මෙයට අමතරව අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන්ගේ පවුල්වල අයට ඔන්ලයින් ක්‍රමයට දිනය, වේලාව වෙන් කරගෙන අදාළ රැඳවූවාට කතා කිරීමටද අවස්ථාව හිමි වන අතර අනෙකුත් සියලු බන්ධනාගාරවල රැඳවූවන්ට මේ දිනවලදී බන්ධනාගාරවලින් සැපයෙන දුරකතන පහසුකම් ඔස්සේ තම ඥාතීන්ට කතා කිරීමට අවස්ථාව හිමිවනු ඇත.