රිය අනතුරුවල වැඩිවීමක් දිනකට 10ක් මිය යනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

0
40
Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

කොරෝනා වසංගතයට පෙර සේම මේ වන විට මෙරට රිය අනතුරු බහුලව සිදුවන බවත් පෙරේදා (17) දිනයේ පමණක් පුද්ගලයන් 10 දෙනකු රිය අනතුරුවලින් මිය ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (17) පැවැසීය.

කොරෝනා වසංගතය ආරම්භ වීමට පෙර රිය අනතුරුවලින් මෙරට පුද්ගලයන් දස දෙනකු පමණ දිනකට මිය ගොස් ඇතැයි වාර්තා අනුව ආනාවරණය වන අතර කොවිඩ් වසංගතය හමුවේ සංචරණය සීමා කිරීම සහ හුදෙකලා කිරීම් හමුවේ රිය අනතුරුවල අඩුවක් දක්නට ලැබුණු බවද පැවැසීය.

අපරික්ෂාකාරීව රිය පැදවීම, බීමතින් රිය පැදවීම සහ මාර්ග රීතිවලට අවනත නොවී රිය පදවන මෙන්ම විවිධ අංගෝපාංග විවිධ නලා පද්ධති සහ විවිධ වර්ණ පද්ධතිවලින් යුතු වාහන පරීක්ෂා කිරීමට රථවාහන පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එළඹෙන උත්සව සමයේ මෙන්ම හැකි සෑම විටම මාර්ග නීතිවලට ගරු කරමින් පදිකයන්ද කටයුතු කළ යුතු බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාර්ග නීතිවලට එරෙහිව කටයුතු කරන සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර බීමතින් රිය පදවන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය උපාංගද මේ වන විට රථවාහන පොලිස් නිලධාරීන්ට දී ඇති බවද අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here