ලොව වටා

    0
    10
    19 දෙසැම්බර්, 2020

    ඔටුවො පිටේ කංසා අදින මොරොක්කෝ හොරු

    ඔටුවා යනු සාම්ප්‍රදායික අරාබි වැසියන්ගේ ගමනාගමන මාධ්‍යය වුවද මේ වන විට ඔටුවා වැඩි වශයෙන් භාවිත වන්නේ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ ගමනාගමන මාධ්‍යයක් වශයෙනි. ඒ අතරට මොරොක්කෝ වැසියන් ඔටුවන් කංසා ප්‍රවාහන මාධ්‍යයක් ලෙසින්ද ඔටුවන් භාවිත කරන බව පසුගියදා අහම්බෙන් සොයා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී තිබේ. ඒ අනුව ඔවුන් කිසිවකුට සැක නොසිතෙන ලෙස ඔටුවන් පිටේ ප්‍රවාහනය කරමින් තිබූ කංසා ටොන් එකකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, මේ කංසා තොගය ඔටුවන් 10 දෙනෙකු මත පටවා රැගෙන යමින් තිබුණු බවද වාර්තා වී තිබේ.

     

    කර්නාටක් ප්‍රාන්තයේ ගව පනත යට යයි

    ඉන්දියාවේ කර්නාටක් ප්‍රාන්තයේ ප්‍රාන්ත පාලනය විසින් හරකුන් මැරීම තහනම් කරමින් පසුගියදා පනතක් ඉදිරිපත් කළද එම පනත නීතියක් ලෙස ක්‍රියාත්ම කිරීමේ හැකියාවක් ප්‍රාන්ත ආණ්ඩුවට නොලැබෙනු ඇති බවට වාර්තා ලැබෙමින් තිබේ. කර්ණාටක් ප්‍රාන්තයේ ප්‍රාන්ත පාලකයන් එම ප්‍රාන්තය තුළ ගවයන් ඝාතනය කිරීම වළක්වාලමින් පනතක් පසුගිය දෙසැම්බර් 9 වැනිදා සභාගත කර සම්මත කර ගැනීමට කටයුතු කළේ විපක්ෂයේ දැඩි විරෝධතා මධ්‍යයේය.

    මේ වන විටත් එම පනතට විරෝධතා එල්ල වෙමින් පවතින අතර එම විරෝධතා අනුව ප්‍රකාශ වන්නේ ගව ඝාතනය තහනම් කරමින් පනතක් 1964දී සම්මත වී ඇති බැවින් ඒ සඳහා තවත් පනතක් අනවශ්‍ය වන බවයි. එමෙන්ම කර්නාකට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එච්.ඩී.කුමාරස්වාමි පවසා ඇත්තේ තමා කිසිසේත්ම මෙම පනතට සහය නොදෙන බවත්, එබැවින් මේ පනත සම්මත නොවනු ඇති බවත්ය.

     

    අන්තිමේදී පුටින් බයිඩ්න්ට සුබ පතයි

    පසුගිය නොවැම්බර් මස පැවති ඇමරිකානු ජනපතිවරණයෙන් ජයග්‍රහණය වාර්තා කළ ජෝ බයිඩ්න්ට සුබ පැතීම රුසියානු නායක පුටින් ප්‍රතික්ෂේප කර සිටියේ තවමත් ඔහුගේ ජයග්‍රහණය නිශ්චිතව ප්‍රකාශ වී නැති බව සඳහන් කරමිනි.

    පසුගියදා ඇමරිකාවේ ඉලෙක්ටරල් කොලේජ් හෙවත් ඡන්ද සමූහ සියල්ල යළි ගණනය කරමින් බයිඩ්න්ගේ ජයග්‍රහණය නිශ්චිතවම තහවුරු කළ අතර ඉන් පසු පුටින් බයිඩ්න්ට සුභපැතුම් එක් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේදී පුටින් බයිඩ්න් වෙත තම සුභපැතුම් ටෙලිග්‍රෑමයක් මගින් එක් කිරීමට කටයුතු කර තිබේ. ඒ හරියටම බයිඩ්න් ජනපතිවරණයේ ජයග්‍රාහකයා බව ප්‍රකාශ කිරීමෙන් මසකට පසුව වීමද සුවිශේෂ වේ.

     

    ඇෆ්ගන් වැසියන් බඩගින්නේ

    ලබන වසරේදී මේ වසරට වඩා ඇෆ්ගනිස්ථාන වැසියන් මිලියන පහකට අධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වන බව වාර්තා වේ.

    යුද ගැටුම් සහ ත්‍රස්තවාදී තර්ජන අතරට කොවිඩ් වසංගතය පැමිණීම හේතුවෙන් ඇෆ්ගන් වැසියන් අතරින් බහුතරයක් මේ වන විට ඉතා අසරණව සිටින බැවින් මෙලෙස වාර්ෂිකව ඔවුන්ට ලබා දෙන ආධාර ප්‍රමාණය වැඩි කිරීමට සිදුවී ඇතැයි පැවසේ. දැනටමත් ඇෆ්ගන් වැසියන් මිලියන 11කට වාර්ෂිකව එක්සත් ජාතීන්ගේ ආධාර හිමිවන අතර එය ලබන වසරේදී මිලියන 16ක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම දුගී රටවලට කොවිඩ් එන්නත් ලැබීමේ පසුගාමී තත්ත්වයක්ද දක්නට ලැබෙන බැවින් කොවිඩ් පැතිරීමේ අඩුවක් දැක ගැනීමට නොහැකි වනු ඇතැයිද පැවසේ.

     

    මානව හිමිකම් කෝ මදුරෝ

    වෙනිසියුලාවේ අගනුවර වන කරක්කාස් හි සිට ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධානයට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

    එම සංවිධානයේ සාමාජිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පුවත සමාජ ගත කර ඇති අතර බොහෝ කලක සිට විරුද්ධ පක්ෂයේ මෙන්ම බටහිර සහය ලබන කණ්ඩායම්වල විරෝධතාවන්ට මුහුණ දෙමින් සිටින ජනාධිපති නිකලස් මදුරෝට මෙය පිළිතුර දිය යුතු තවත් චෝදනාවක් බවට පත් වෙමින් තිබේ.

    හිටපු ජනාධිපති හිටුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ ජනාධිපති මදුරෝට විශාල විරෝධතාවන්ට මුහුණ දීමට සිදුවූ නමුත් ඔහු කෙසේ හෝ මේ දක්වා බලයේ රැඳී සිටීමට සමත් වී තිබේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here