තුන්දින පුහුණු තරගය හෙට සිට
මාස 11කට පමණ පසු ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම විදෙස් තරගාවලියකට එක් වීම සඳහා ඊයේ දකුණු අප්රිකාව බලා පිටත්ව ගියේය.
තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වන ශ්රී ලංකා සංචිතයට නවකයන් කිහිපදෙනකු ද සමඟින් ක්රීඩකයන් 21 දෙනෙක් ඇතුළත්ව සිටිති. ශ්රී ලංකා පිල හෙට (20) සිට දකුණු අප්රිකානු ආරාධිත කණ්ඩායම සමඟින් බෙනොනිහිදී තුන්දින පුහුණු තරගයකට එක් වන අතර, ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් මේ තරගාවලියේ පළමු තරගය 26 වැනිදාත්, දෙවැනි සහ අවසන් තරගය ජනවාරි 3 වැනිදාත් ආරම්භ වීමට නියමිතය.