සියලු රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට තීරණයක්!

0
27

 

කොවිඞ් වසංගතය හමුවේ රජයේ ආයතන වෙත කැඳවීම් සීමා කොට තිබුණ ද, නව වසරේ සිට සියලු සේවකයන් රාජකාරි සඳහා කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ

මේ වන විට රාජ්‍ය ආයතන හා සංස්ථාපිත මණ්ඩල සේවකයන්ගෙන් දිනකට සේවයට වාර්තා කිරීමට දැනුම් දී ඇත්තේ, මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 50ක ප්‍රතිශතයක් පමණකි. නමුත්, නව වසරේ සිට සියලු සේවකයන්ට සේවයට වාර්තා කරන ලෙස උපදෙස් දීමට නියමිත බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

ඊට අදාළ චක්‍රලේඛ මෙම මස අවසානයේ නිකුත් කෙරෙනු ඇතැයි ද දැනගන්නට තිබේ. කොවිඞ් උවදුර මර්දනය කර නොමැති අවස්ථාවක මෙලෙස යළිත් සියලු සේවකයන් සේවයට වාර්තා කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කළහොත්, ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ද වෘත්තිය සමිති පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here