PCR වැඩි කළොත් දිනක ආසාදිතයන් 1,000 පනීවි!

0
24

රෝහල්වලට එන රෝගීන් හා හඹාගෙන ගොස් සැක සහිත පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂණයට බඳුන් කිරීම යන ක්‍රමවේද දෙකම මෙරට සිදුවනු මුත් ඒ දෙකම ඉතා මන්දගාමීව වන බවද බණ්ඩාර මහතා කීය.

මේ වනවිට රට තුළ පැතිර යන කොරෝනා වයිරසය පැතිර යන ආකාරය පිළිබඳ තක්සේරුවක් කළ නොහැකි බවත් යම් ආසාදිතයකු හමු වූ පසු ඔහුට වයිරසය බෝවුණු ආකාරය සොයාගත නොහැකි වන්නේ එය සමාජය පුරා පැතිර ඇති නිසා යැයිද ඒ මහතා කීය.

කොවිඩ් ඇතුළු වසංගත රෝග සඳහා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය රාජ්‍ය ඇමැතිනිය ලෙස පත්කර තිබුණද ඇමැතිවරියට වාඩිවීමට පුටුවක්වත් නැතැයිද ඒ මහතා පැවැසීය. දුරකථන හා ෆැක්ස් පහසුකම් පවා ඇයට තාමත් ලබාදී නැතැයිද එසේ තිබියදී කොරෝනා වසංගතය පාලනය කරන්නේ කෙසේදැයි යන්න පැහැදිලි නැතැයිද වෛද්‍ය බණ්ඩාර මහතා කීය.

කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය නොකළහොත් පවතින තත්ත්වය තවත් දරුණු වනු ඇතැයිද ඒ මහතා කීය.

මේ වනවිට කවුරු මොන දේ කීවත් අපේ රට තුළ දැන් කොරෝනා පැතිරීම හතර වැනි අදියරට පැමිණ ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදුන් උපදේශන නිසි පරිදි ක්‍රියාත්මක කළේ නම් මේ තත්ත්වය ඇති නොවන බවද ඒ මහතා පැවැසීය.

කොවිඩ් සමඟ ජීවත් වෙමු කියා කීවත් රට සාමාන්‍ය අතට පත්වීමත් සමඟ බස්වල, දුම්රියේ හා මහමඟ මෙන්ම ආයතනවලද මීටරයේ පරතරය තබාගත නොහැකි නිසා නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට යටත්ව මෙය පාලනය කිරීමට පියවර ගතයුතු බවද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here