කොහේ ගියත් දැන් online

    0
    180

    විශ්වවිද්‍යාලවල පමණක් භාවිත වූ මෙම online ඉගැන්වීම් ක්‍රම ශිල්පය අද වන විට ඈත ගම් දනව් සිසාරා ව්‍යාප්ත වෙමින් පවතී. මේ තත්ත්වය වඩ වඩාත් උග්‍ර වන්නේ පසුගිය කොවිඩ් – 19 රැල්ලත් සමඟ ය. මෙම වසංගත තත්ත්වය නිසා පාසල් අධ්‍යාපනයේ මුහුණට මුහුණ ඉගැන්වීම් ක්‍රමය වෙනුවට ඔවුන් තෝරා ගනු ලැබූයේ, දුරකථනය ඔස්සේ සිදුකරන online අධ්‍යාපනයයි. කොවිඩ් වසංගතය සමඟ දරුවාගේ අධ්‍යාපනය කෙසේ වෙතත්, අයහපතෙන් මිදුනේ ද යන්න ගැටලුවකි.

    දුරකථනය මගින් සිදු කරන දේ එක හා සමානය. එසේ නොමැති නම් එදාට වඩා වැඩිය. දුරකථනය ඔස්සේ බොහෝ දුර යාමට තරම් දියුණුවක් පාසල් දරුවා ලබා ඇතිද යන්න අප සිත් තුළ නැගෙන පැනයකි. ඒ එසේ වී ඇතැයි සිතිය නොහැකිය. දරුවා යනු දරුවා ම ය. සෑම මොහොතකම කුතුහලයෙන් පිරුණු දරුවා දුරකථනය ඔස්සේ තම රුචි පරිදි නව මානයන් සොයා යනු ඇත. එය යහපත හෝ අයහපත හෝ පිණිස විය හැකි බව කිව යුතුය. ගුරු -දෙමවුපියන්ගේ අධීක්ෂණයෙන් මිදෙන දරුවා තම තාක්ෂණික දැනුම තම තමාගේ රුචි පරිදි විවිධ අංශ කරා යොදවනු ඇත. ඒ මෙම online අධ්‍යාපනයට පින් සිදුවන්නටය.

    ඇතැම් දරුවන් මෙයට සහභාගි වී ඇත්තේ ඉතා අඩුවෙනි. සන්නිවේදන දුෂ්කරතා, මුදල් අගහිඟකම් ඒවාට බොහෝ දුරට හේතු වන්නට ඇති බව මාගේ විශ්වාසයයි. රටේ සිටින සියලුම දරුවෝ එක හා සමාන නොවෙති. එදාවේල හරිහම්බ කරගෙන දරුවාට කන්නට යමක් ලබා දෙන දෙමවුපියන්ට, අන්තර්ජාල පහසුකම් ලබාදීමට තරම් වත්කමක් නොමැති වන්නට ඇත. පන්ති කාමරය තුළ මුහුණට මුහුණ ලා අධ්‍යාපනය සිදු කිරීමේදී පවා එක තැනක නොරැඳෙන දරුව online හරහා ඉගෙනීමේදී එකම තැනක සිට අධ්‍යාපනය හදාරති’යි යන්න සිතීම විහිළුවකි. එසේ නැතිනම්, දරුවා ද මෙම අධ්‍යාපනයෙන් පරිබාහිරව තවත් සෙවීම් කරා යාමේ අවශ්‍යතාවය ද නැත්තේ නොවේ. භාවිතයේ පවත්නා විවිධ සමාජ ජාලා ඔස්සේ රැඳී සිටීමට දරුවාට ඇත්තේ නොනිත් ආශාවකි. එබැවින් විවිධ වෙබ් අඩවි කරා යාමට දරුවා කැමැති ය.

    ඊට එම වෙබ් අඩවි තුළින් ද ලැබෙන්නේ කිව නොහැකි සහයෝගයකි. ඉතින් මෙම online අධ්‍යාපනය ලබා ගන්නට එන දරුවා වෙනත් දේ සොයා යාමට පුරුදු වෙති. කිසිම ආකාරයක බාධාවකින් තොරව තමා කැමැති දේ වෙත දුරකථනයෙන් බැඳිය හැකි ය. මෙවැනි දේ නිසා, දරුවා තම මුළු කාලය ම ගුරුවරයා හා බැඳී ශිල්ප සෙවීමට යොමු කළා යැයි අපට සිතිය හැකි නම් එය සැනසීමකි. අනාගත පරපුර තාක්ෂණය කරා යොමු කළ යුතුය online ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් පහසුකම් දිය යුතුය. නමුත් දරුවා තාක්ෂණය ඔස්සේ පරිහානියට පත්වීමට ඉඩ නොදිය යුතුය. එය ගුරු මවුපිය සැමගේ යුතුකමක් සහ වගකීමක් වන්නේය. තාක්ෂණය නොදියුණු වන්නේ වැඩිහිටියන්ගේ ය. එහෙත් දරුවන් වැඩිහිටියාට වඩා ගවු ගණනක් ඉදිරියෙනි. වැඩිහිටියා නොදත් දේ දරුවා ප්‍රයෝගිකව ඉගෙන ගනිමින් සිටි. ඒ නව තාක්ෂණය හරහා ය.ඉතින් නව තාක්ෂණය ඔස්සේ දියුණුව කරා ගමන් කරන දරුවා online අධ්‍යාපනය ලබා ගැනීමේදී පවා වැඩිහිටියාද ඒ සඳහා අවධානය ලබා දීම වැදගත් නොවන්නේද? මෙය වර්තමාන සමාජය විසින් සිතිය යුතු වැදගත් කරුණකි.

     

     

    ආර්. එම්. ඒ. අයි. යූ. රාජතේව

    සන්නිවේදන හා කළමනාකරණ අධ්‍යයන පීඨය

    ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here