යෞවනයේ ඩයරිය

    0
    34

    දෙසැම්බර් 12

    ජීවිතේ තේරෙන කාලේ ඉඳන් තිබුන මාධ්‍යවේදීනියක් වෙන හීනය දැන් සැබැ වෙලා ඉවරයි. රැයක් දවාලක් නැතුව මිනිස්සු වෙනුවෙන් ගෙත්තම් වෙන අකුරුවලට පන්හිඳ වරු ගණන් වෙහෙස කරවන්න මම උපරිම උත්සාහ කරනවා.ඒ වෙනුවෙන් සතියකට දින හතරක් පහක් වෙන් වෙනවා.අද දවසම වෙන් වුණේ ඒකට.

     

    දෙසැම්බර් 13

    හැම මාසයකම ඉරිදා දින දෙකක් වත් වෙන් වෙන්නෙ මගෙ පැටව් ටික වෙනුවෙන්.මේ ලෝකෙ ගොඩක් මිනිස්සු ප්‍රතික්ෂේප කරන ඒත් මේ ලෝකෙ ආදරය ඕනීම එයාලට. හැබැයි ඔය හැමෝටම වඩා ආදරය තියෙන්නෙත් එයාලා ළඟ. ඇස් කන් ඇහෙන්නෙ නැති උනාට එයාලා ගොඩක් සංවේදියි.හරි ලස්සන අහිංසක හිත් තියන්නෙ එයාලට.

     

    දෙසැම්බර් 14

    ආදරයක් කියන්නෙ කෙනෙක්ට ඕනීම දෙයක්. ගොඩක්ම දෙමව්පිය ආදරය. බොහෝ හැලහැප්පිලි මැදින් හිත් වේදනා එක්ක යන මේ ගමන හරි අමාරුයි. මම කියන්නෙ මේ ලිපිය කියවන ගොඩක් අයටත් හම්බවෙලා ඇති ජීවිතේ කවුරුත්ම නැති වුණ තනිවුන ළමයෙක්. එයාලට කවදාවත් වචනයකින් වත් හිත රිද්දන්න හිතන්නවත් එපා. එයාලට දුකක් හිතට ආවොත් ඒ දෙයින් මිදෙන්න හරි අමාරුයි.

     

    දෙසැම්බර් 15

    උදේ වරුවෙම online lecture එකකට යටවුන මට හවස ඔළුව නිදහස් කර ගන්න උදව් වුණේ දර්ශනා ශම්මිගේ අසනග වැසි පොත. අනිවාර්යයෙන් හැම කාන්තාවක්ම කියවිය යුතුම පොතක්. ප්‍රේමය, ඉවසීම ,කැපකිරීම්, ගැහැනියකගේ දරා ගැනීම්, මව් සෙනෙහස හැම දේම ඇතුළත් වුණ සම්මාන රාශියකට සුදුසු වුණ පොතක් වගේම මම කියවපු විශිෂ්ටම නවකතාව අසනග වැසි.

     

    දෙසැම්බර් 16

    ටෙලිනාට්‍ය නැරඹීම දැඩි සේ ප්‍රතික්ෂේප කළ මා මෑතකදී හොඳම ටෙලිනාට්‍යය ලෙස නම් ලැබූ විකාශනය අවසන් වූ “සුදු ඇඳගෙන කළු ඇවිදින් ” ටෙලිනට්‍ය නැරඹීමට ඇබ්බැහි වූයේ මුහුණු පොත හරහා දුටු විඩියො දෙක තුනකිනි.එහි මා අයෝමාගෙ චරිතය තුළ ජීවත් වන අතර සුභාගෙ චරිතයට මගේ මව සමාන කරමි. කටුක අත්දැකීම් මැද පියෙක් නොමැතිව විශඝෝර සමාජය තුළ ඇය දුවවත් රැකගෙන ජීවිතේ ගැටගසා ගන්නා ආකාරය අපූරුය.

     

    දෙසැම්බර් 17

    The pursuit of Happiness – සතුට පසුපස හඹා යෑම (2006)

    2006 වසරේ නිකුත් වූ අනර්ඝ සිනමා පටයක් වන The Pursuit of Happiness ,නොඑසේ නම් “සතුට පසු පස හඹා යෑම” නම් වූ සිනමා පටය පෙර කී සමාජ අරගලයේම නිරතව සිටි ධෛර්යවන්ත මිනිසෙකුගේ නැගී සිටීම අපූර්වත්වයෙන් යුතුව ප්‍රේක්ෂකයා ඉදිරියේ දිග හරිනු ලබයි.

     

    දෙසැම්බර් 18

    කෙල්ලෙකුට ඉගනීම පමණක් මදිය. දෑතේ වැඩ නිවසක කුස්සියද හුරු විය යුතුය. මම නිවාඩු වෙලාවට බොහො විට යොමු වෙන්නෙ අන්තර්ජාලය උපයෝගී කර රෙසිපියකට අනුව පුළුවන් ලෙස කෑම සෑදීමයි.මුලදි එය අමාරු කාරණාවක් වුවත් හුරු වූ පසු විනෝදයකි.සතියේ එක දවසක් හෝ මම එය වෙනුවෙන් යොදා ගනිමි. මෙදා සැරේ එය යෙදුනේ සිකුරාදාය..

     

     

     සචිනි ඉමල්ෂා

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here