ඉතිහාසයේ පළමු වරට සරසවි 18ක සිසුහු එක් වී කාලගුණ බැලුනයක් මුදා හරිති

0
10

මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබාගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදා බැලීමේ බැලුනයක් ගුවන්ගත කිරීම පෙරේදා(26) පෙරවරුවේ දඹුල්ල ඩී එස් සේනානායක විදුහලේදී සිදුකෙරිණි. විශ්වවිද්‍යාල 18ක සිසු-සිසුවියන් දින කිහිපයක් කණ්ඩලම ප්‍රදේශයේ රැඳී සිටිමින් 26 දින අලුයම 5ට පමණ ආරම්භ කරන ලද අත්හදා බැලීම උදේ 7.30 ට පමණ සාර්ථකව ගුවන් ගත කිරීම විශේෂත්වයකි.

අමෙරිකාවෙන් ගෙන්වන ලද විවිධ උපකරණ උපයෝගි කරගෙන දිවයිනේ ප්‍රථම වතාවට රබර් බැලූනයක් ගුවන් ගත කිරීම ඒ තුළ සවි කරන ලද විද්යුත් උපකරණ සහ තොරතුරු දත්ත රැස් කිරීමේ පෙට්ටියක්ද සවිකොට මෙය ගුවන් ගත කිරීම සිදු කරනු ලැබූහ. මෙම නව තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වුවහොත් ඉදිරියේ දී මෙරට විශාල වෙනස්කම් රැසක් සිදු කිරීමට හැකිවන බවත් දැනට මෙරට භාවිත කරන්නේ ලබන්නේ 1950 වසරේ තාක්ෂණයෙන් උපයෝගී කරගත් තොරතුරු බව ද විශ්වවිද්‍යාල සිසුහු පවසති. ලෝකයේ රටවල් ගණනාවක් එක්ව සිදුකරන ලද මෙවැනි අත්හදා බැලීමකට ලංකාවේ විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන් ඒකරාශී වී මෙය සිදු කෙරෙන බව එම සංවිධානය කියයි.

මෙම විශේෂ අත්හදා බැලීමේ බැලූනය කිලෝමීටර් 35ත් 40ත් අතර ඉහළ අහසේ ගමන් කරමින් ආකාශයේ ඉහළ දී මෙම බැලුනය පුපුරා එහි සවිකොට ඇති පැරිසුට් එකක් මගින් ලබාගත් තොරතුරු සියල්ල පොළොවට පතිත වීම සිදුවන බව විශ්වවිද්‍යාල සිසුහු පවසති.

මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් ඉදිරියේදී මෙරට රොකට් උපයෝගී කරගෙන සිදුකරන ලබන සැටලයිට් වෙනුවට බැලූන යොදාගෙන එම දත්ත ලබා ගැනීමට හැකි බව ඔවුහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here