නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය චාරිත්‍රානුකූලව

    0
    11

    මහවැලි සී. කලාපයේ ප්‍රධානම නගරය වන ගිරාඳුරුකෝට්ටේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථාන පූජා භූමියේ අභිනවයෙන් ඉදිකරමින් පවතින චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය දා බෞද්ධ ආගමික චාරිත්‍රානුකූලව සිදු කෙරුණි.

    ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ධර්මෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත, ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක නාපටවල ධම්මානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සියම් මහ නිකායේ අස්ගිරි මහා විහාර ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රාජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණු අතර ගිහි පැවිදි පිරිස 3000ක් පමණ මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

    සෝමදාස

    සමර ගුණරත්න

    ගිරාඳුරුකෝට්ටේ සමූහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here