පාරිභෝගිකයන් සූරාකන වෙළෙඳ ජාලයට තිත ව්‍යවසායක කාන්තාවන්ගෙන් යුත් ග්‍රාමීය වෙළෙඳ ජාලයක් හදනවා රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

0
41

කාන්තා ව්‍යවසායකයන් 25,000ක් සවිබල ගන්වමින් පාරිභෝගිකයන් සූරාකන වෙළෙඳ ජාලය වෙනුවට රජයේ තීන්දු ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ග්‍රාමීය වෙළෙඳ ජාලයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පාරිභෝගිකයන් පිළිබඳ නොසිතන වෙළෙඳුන් සහ ගොවියන් ගැන නොසිතන ගැනුම්කරුවන් වෙනුවට රජයේ තීන්දු තීරණ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ග්‍රාමීය වෙළෙඳ ජාලයක් ඇති කිරීම මේ වන විට ආරම්භ කර තිබෙන අතර කාන්තා ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් මෙම ජාලය ඔස්සේ කොවිඩ් වැනි වසංගත තතත්ත්වයක් හමුවේ වුවද ශක්තිමත් බෙදා හැරීම් ජාලයක් නිර්මාණ වනු ඇතැයි ද ඒ මහතා විශ්වාසය පළ කර සිටියේය.

හෙතෙම මේ බව සඳහන් කළේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් සහන ණය යෝජනා හඳුන්වා දීමේ උත්සවයට එක් වෙමිනි. ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ දායකත්වයෙන් පැවැති මෙම උත්සවය අනුරාධපුරයේ දී පැවැත්විණි. මෙහිදී ව්‍යවසායකයන් 250 දෙනකු වෙනුවෙන් රුපියල් 50,000 සිට 200,000ක දක්වා වූ සහ ණය මුදල් සංකේතාත්මකව පිරිනැමීම සිදු විය. උත්සව සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

“මෙවර අයවැය යෝජනාවලිය යටතේ රජයේ වැඩපිළිවෙළක් තිබෙනවා කාන්තා ව්‍යවසායකයන් 25,000ක් නිර්මාණය කරන්න. ඊට අවශ්‍ය පදනම සහ මුදල් වෙන් කිරීම මෙවර අයවැයෙන් සකස් කර දී තිබෙනවා. 14,000කට අධික ග්‍රාම සේවා වසම්වලින් එක් අයෙක් හෝ දෙදෙනෙක් කාන්තා ව්‍යවසායකයන් විදියට සවිබල ගැන්වීම තමයි ඒ වැඩපිළිවෙළේ අපේක්ෂාව. රටේ, ලෝකයේ කොවිඩ් වැනි අවදානම් තත්ත්වයක් නිර්මාණය වුණ අවස්ථාවල හිඟයකින් තොරව භාණ්ඩ ලබා ගැනීමේ සහ බෙදා හැරීමේ ජාලයක් ඇති කිරීම තමයි මෙහි අපේක්ෂාව.

“අප දන්නවා පාරිභෝගිකයන් පිළිබඳ නොසිතන විවිධ කූඨ වෙළෙන්දො ඉන්නවා. අනිත් පැත්තෙන් ගොවි ජනතාව සහ සැපයුම්කරුවන් පිළිබඳ නොසලකන කණ්ඩායමක් ඉන්නවා. අපට අවශ්‍ය වන්නේ රජය විසින් ගන්නා ලද තීන්දු තීරණවලදී ඒවා පාරිභෝගියන් අපහසුතාවට පත් නොකර ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන වෙළෙඳ ජාලයක් ඇති කිරීමටයි. මේක රජයේ ‍වෙළෙඳ ජාලයක් බවට පත් කිරීමට අපට අවශ්‍යතාවයක් නෑ. අප ඒ කණ්ඩායමට අවශ්‍ය මූල්‍ය ශක්තිය දෙනවා, උපදෙස් දෙනවා, සැපයුම්කරුවන්ට අවශ්‍ය ඒ දැනුම්දීම් සිදු කරනවා. එහෙම කරල ඒ වෙළෙඳ ජාලය ශක්තිමත් කරන්න අප කටයුතු කරනවා. ඒ සැපයුම් මධ්‍යස්ථාන, ව්‍යාපාරය කාන්තාවන්ගේ. රටේ ආර්ථිකයට සියයට 70ක දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වන ඔබ වෙනුවෙන් ඉදිරියේ රජය තව තවත් පුළුල්ව මැදිහත් වීම ආරම්භ කරනවා. විශේෂයෙන්ම ප්‍රධාන සංවර්ධන බැංකුවක අවශ්‍යතාව ඉටු කිරීමටද රජය පියවර ගන්නවා.

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here