ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ව්‍යාප්තිය (i-Road) යටතේ කාපට් අතුරා සංවර්ධනය කරන ලද බදුල්ල දිස්ත්‍රික් මාලිගාතැන්න බටවල එනසල්බැද්ද මාර්ගය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වැනිදා ජනතා අයිතියට පත් කෙරිණ. කිලෝ මීටර් 2.2ක් දුර කාපට් කෙරුණු මෙම මාර්ගය සඳහා රුපියල් මිලියන 95ක් වැය කර ඇත.