
කොවීඩ් 19 වෛරසිය වැළඳුනු කාන්තාවකට ප්‍රතිකාර කල වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලය ඊයේ (27) සිට නිරෝධායනයට යොමුකළ බව වවුනියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වවුනියාව , උළුක්කුලම ජනඋදාගම්මානයේ කාන්තාවක කොවිඩ් 19 වයිරසය ආසාදනයවී මියයෑමත් සමඟ ඇය ප්‍රතිකාර ලැබූ වව්නියාව රෝහලේ පිරිසක් මෙලෙස නිරෝධායනය කර තිබේ.
එහිදී ශල්‍ය වෛද්‍යවරයකු ඇතුළු වෛද්‍යවරුන් පස්දෙනකු , හෙද කාර්ය මණ්ඩලය හා උපස්ථාන සෞඛ්‍ය සේවකයින් 18 දෙනකු ඇතුළු 23 දෙනකු එලෙස නිරෝධායනයට ලක්කොට ඇත.
The post වව්නියාව මහරෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් නිරෝධායනය කෙරේ. appeared first on Lanka News Column.