Home Local හැට නව ලක්ෂයේ අපේක්ෂා කිසිදා බිඳින්නේ නෑ යහපාලනයට එපා වුණු ග්‍රාම සංවර්ධනය අපේ ප්‍රධාන ඉලක්කයයි ඇමැති ප්‍රසන්න රණතුංග

හැට නව ලක්ෂයේ අපේක්ෂා කිසිදා බිඳින්නේ නෑ යහපාලනයට එපා වුණු ග්‍රාම සංවර්ධනය අපේ ප්‍රධාන ඉලක්කයයි ඇමැති ප්‍රසන්න රණතුංග

0
හැට නව ලක්ෂයේ  අපේක්ෂා  කිසිදා බිඳින්නේ නෑ  යහපාලනයට එපා වුණු ග්‍රාම සංවර්ධනය  අපේ ප්‍රධාන ඉලක්කයයි  ඇමැති ප්‍රසන්න රණතුංග

 

වත්මන් ආණ්ඩුව බිහි කිරීමට කැප වූ හැට නව ලක්ෂයේ අපේක්ෂා කිසිදු ආකාරයකින් බිඳ දමන්නේ නැතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහතික විය.

යහපාලන ආණ්ඩුව මෙන් නොව, වත්මන් ආණ්ඩුව ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට කැප වී ඇති බව ද පෙන්වා දුන් ඒ මහතා, විවිධ කරුණු සම්බන්ධයෙන් විවිධ මතවාද ආණ්ඩුව තුළ තිබුණත් ආණ්ඩුව සෑම විටම කටයුතු කරන්නේ ජනතා අපේක්ෂාවන්ට ප්‍රමුඛත්වය ලබා දී බවත් පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ජනතාව තැබූ විශ්වාසය කිසිවකු පාවා නො‍දෙන බවත් හෙතෙම කියා සිටියේය.

‘ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට’ වැඩසටහනේ මිනුවන්ගොඩ ආසනයේ කොට්ඨාස කමිටු පිහිටුවීමේ රැස්වීම්වලට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 37ම ආවරණය වන පරිදි මෙම කමිටු රැස්වීම් පෙරේදා (26) සහ ඊයේ (27) පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

“යහපාලනය අතහැර දැමූ ගම සංවර්ධනය මේ ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයක්. ඒ සඳහා තමයි ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට වැඩසටහන ආරම්භ කළේ. යහපාලනය ක්‍රියාත්මක කළේ ඔවුන්ගේ සුපුරුදු කොළඹට කිරි ගමට කැකිරි ප්‍රතිපත්තිය. අප ඒකට තිත තැබුවා. අප රට ගොඩනඟන්නේ ගම සංවර්ධනය කරමින්. කොවිඩ් – 19 වසංගතයෙන් බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගත හැක්කේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි. අප පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ හැම ගමකටම ගියා. ඒ ගමේ සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගත්තා. ඒ අනුව තමයි ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිර්මාණය වුණේ. 2021 අයවැය අප රටට ඉදිරිපත් කළේ ඒ මත පදනම්වයි.

“පැවැති යහපාලන ආණ්ඩුව එළ හරකයි මී හරකයි වගේ දෙපැත්තට ඇදගත්ත ආණ්ඩුවක්. අප එහෙම නෙමෙයි. අප එක ඉලක්කයකට එක ගමනක් යන ආණ්ඩුවක්. ජනාධිපතිතුමා, අගමැතිතුමා රටේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න අප බැඳී ඉන්නවා. අප මේ තීන්දු තීරණ ගන්නේ අපට ලැබුණු ජනවරම අනුවයි. ඒ හැට නම ලක්ෂයේ ජනවරමට පිටුපා අප කිසිවක් කරන්නේ නෑ. විපක්ෂය විවිධ බොරු වපුරනවා. අප කිසිසේත් එක රටක් එක නීතියක් ප්‍රතිපත්තිය බිඳ දමන්නේ නැහැ. අවුරුදු 4ක් 5ක් තිස්සේ වැරදි පාරක ගිය රටක් නිවැරදි පාරකට යොමු කර ගැනීම පහසු නැහැ. එය අභියෝගයක්. අප ඒ අභියෝගය ජය ගනිමින් සිටිනවා. යහපාලනය නිසා මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටුණා. ජනාධිපතිතුමා බලයට පත් වෙලා වැටුණු ආර්ථිකය නඟා සිටුවන්න මූලික පියවර ගත්තත් කොවිඩ් වසංගතයත් එක්ක ඊට බාධා මතු වුණා. අප මේ උත්සාහ කරන්නේ කොවිඩ් නිසා බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟන්න. එතැනදි විශ්වාසය තබා තිබෙන්නේ ග්‍රාමීය ආර්ථිකය පදනම් කර ගත් වැඩපිළිවෙළකටයි. ලබන වසර තුළ මේ රටේ සෑම ග්‍රාමසේවා වසමකම, සෑම ගමකම ප්‍රමුඛතාවය අනුව සංවර්ධන වැඩ ආරම්භ කරනවා. යහපාලනය මුඩු බිමක් කළ රට නැවත වැඩබිමක් බවට පත් කරනවා”

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here