ප්‍රවීණ සංගීතවේ දී ගායන ශිල්පී කීර්ති පැස්කුවල් විසින් ගැයූ නවතම ගීත 50ක්, 2021 නව වසරේ ජනවාරි පළවෙනිදා සිට දිනපතා එක් ගීතය බැගින් නෙත් එෆ්.එම් ගුවන්විදුලි නාලිකාව හා සියලූම සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ රසික ප්‍රජාවට තිළිණ කිරීමට ඔහු සූදානමින් සිටී. මෙහි විශේෂත්වය වනුයේ මින් ගීත 30ක් ම සමන්ත ගුණවීර නමැති ගීත රචකයා විසින් ලියා තිබීමත්, එම ගීත සියල්ලම ගායන ශිල්පීයා විසින්ම තනු නිර්මාණය කර තිබීමත්ය. සෙසු ගීත ඔහු ඇතුලූ විවිධ කලාකරුවන් එක්ව නිර්මාණය කළ, ඔහු විසින් ගැයූ ගීත වේ. ඔහුගේ බලාපොරොත්තුව වනුයේ 2021 වර්ෂය පුරාවටම ඔහු ගැයූ ගී නිර්මාණ රසික ප්‍රජාව වෙත තිළිණ කිරීම බව ඔහු පවසයි. සියලූම කලා කරුවන්ට අපල කාලයක් වූ කොරෝනා උවදුර නොතකා නිර්මාණ කරණයේ යෙදී සිටිමන් ඔහු විසින් මෙම නවතම ගීත නිර්මාණය කර තිබීම ද කොරෝනාවට කළ අභියෝගයකි.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු