කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භූමදානය කිරිම සම්බන්ධයෙන් විද්‍යාත්මක කරුණු සැලකිල්ලට ගනිමින් තීන්දු තීරණ ගත යුතු බව බෙල්ලන්විල රාජමහා විහාරාධිපති අාචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පවසති.
කොවිඩ් ආසාදිත මරණ භුමදානය නොකළ යුතු බවත් එම අවසන් කටයුතු විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව සිදු විය යුතු බවත් පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂූන් වහන්සේ පිරිසක් විරෝධතාවක් ඊයේ ආරම්භ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.