හුදකලා ප්‍රදේශ සම්බන්ධයෙන් මුස්ලිම් නායකයන්ගෙන් විශාල සහයක් ලද බව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසනවා.
මාධ්‍ය හමුවක් අමතමින් එම මහත්මිය කියා සිටියේ සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් සිය ජන කණ්ඩායමේ පිරිස් වෙත ගෙන යාමට ඉදිරිපත්ව සිටීම අගය කළ යුතු කරුණක් බවයි.
මාධ්‍යය හරහා පවා නොයෙකුත් මතභේද නිර්මාණය වී තිබෙන පරිසරයක වුවද මෙහි ඇත්තේ කිසිඳු ජන කොට්ඨාශයකට සීමා වූ ගැටලුවක් නොවන බවත් සිදු විය යුත්තේ එකිනෙකාට වරද පටවා ගැනීම නොව සමාජය දැනුවත් කිරීම බවයි ඇය පෙන්වා දෙන්නේ.
“හැම ප්‍රජාවෙම අඩුපාඩු තියෙනවා. කාටවත් ඇඟිල්ල දික්කරලා කියන්න බෑ අහවලුන්ගෙන් මොකක් හරි වෙනවා කියලා. ඒක හරිම වැරදියි, අපි හැමෝම හැමෝටම උදව් කරන්න ඕනේ කොවිඩ් වසංගතය වළක්වා ගැනීමට නම්” යැයි එම මහත්මිය අවධාරණය කර සිටින ලදි.