මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ජනවාරි මස 01 වැනිදා සිට යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.
පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුව යුද හමුදාවට භාරදීමට පසුගිය ජුලි මස පැවැති කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව තීරණය කරනු ලැබීය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සදහන් කළේ මසකට නව රියදුරු බලපත්‍ර 50,000ත් 90,000ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන බවයි.
ඒ අනුව අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සදහා වැය වන මුදල රජයට ඉතිරිකර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.