ජම්මු හා කාශ්මීර ප්‍රශ්නය ගැන තුර්කි නායකයාගෙන් එ:ජා: මහා මණ්ඩල සැසියේදී කාශ්මීර විරෝධී කථාවක්

0
22

ජම්මු හා කාශ්මීර ප්‍රශ්නය සම්බන්ධයෙන් තුර්කි නායක රෙසෙප් ටයෙප් එර්ඩෝගන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී කාශ්මීර විරෝධී කතාවක් පැවැත් වූ අතර ඔහුගේ ක්‍රියාකලාපය ඒ වාචාල කතාවට පමණක් සීමා වූයේ නැත. 370 වන වගන්තිය අහෝසි කිරීමෙන් පසුව, තුර්කිය පදනම් කරගත් ඉස්ලාමීය පුණ්‍යායතන සහ තුර්කි රාජ්‍ය නොවන සංවිධාන ජම්මු සහ කාශ්මීරයේ දඩබ්බරකමක් දියත්කර ඇත.

ලොව පුරා සිටින විවිධ සංවිධාන සහ ඒකක ඉන්දියාවේ විරුද්ධවාදීකම් ඉස්මතු වන ක්‍රියාකාරකම්වල නිරතව සිටිති. විශේෂයෙන්ම රාමසාන් සමයේ එම සංවිධාන ආහාර සහ මුදල් බෙදාදීම මගින් ඉන්දීය රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් පණ ගන්වා තිබේ. මේ සඳහා වඩාත් ප්‍රමුඛව කටයුතු කරන්නේ තුර්කිය පදනම් කරගත් බලවත් රාජ්‍ය නොවන සංවිධානයකි. මේ සංවිධානය බෙදුම්වාදී සංවිධානවල කටයුතුවලට සහයෝගය ලබාදෙයි.

එර්ඩෝගන්ගේ ආගමික න්‍යාය පත්‍රයක් සහිත ආක්‍රමණශීලී ආකාරයට ප්‍රවර්ධනය කරන ඩයනෙට් සංවිධානය මේ කටයුතුවල දී අතකොළුවක් සේ යොදා ගනියි. මේ සංවිධානය ඉස්ලාමීය ලෝකයේ රාජ්‍ය නොවන සංවිධානවල සංගමයේ සාමාජිකත්වය දරයි. අයිඩීඑස්බී ලෙස හැඳින්වෙන මේ සංවිධානය අර්ඩෝගන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කිරීම වෙනුවෙන් ඉන්දියාවේ ක්‍රියාත්මක වේ.

අනිත් ප්‍රදේශවල ක්‍රියාත්මක කරන අනිත් සංවිධානය වන්නේ හේඩර් පදනමයි. මේ සංවිධානය කාශ්මීරයේ පුණ්‍ය කටයුතුවල නිරත වන අතර 2019 අගෝස්තු 5 වැනිදා සිට සිය ක්‍රියාකාරකම් තීව්‍රකර ඇත. මේ සංවිධානය ප්‍රදේශයේ ඉස්ලාම් දහම ප්‍රවර්ධනය කරන බවත් එර්ඩෝගාන්ට සහාය ලබාදෙන බවත් ප්‍රදේශවාසීන් කිහිප දෙනකු පාපෝච්ඡාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here