දකුණු අප්‍රිකාව අප්‍රිකානු මහාද්වීපයේ කොරෝනා ආසාදිතයන් දස ලක්ෂය පසු කළ පළමු රට වෙයි

0
16

දකුණු අප්‍රිකාව අප්‍රිකානු මහාද්වීපයේ කොරෝනා ආසාදිතයන් දස ලක්ෂය පසු කළ පළමු රට බවට පත් වී තිබේ. අලුතෙන් හඳුනාගෙන ඇති වේගයෙන් පැතිරෙන නව කෙරෝනා වයිරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති බව තහවුරු කිරීමෙන් අනතුරුව මේ තත්ත්වය උදාවීම ගැන වෛද්‍ය අංශ විශේෂ අවධානය යොමු කර ඇත. ඇතැම් රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවලට විශාල වශයෙන් රෝගීන් ඇතුළු වීම නිසා සම්පත්වල බරපතළ හිඟයක් මතුවෙමින් පවතින බව වැඩිදුරටත් පැවැසේ. මේ වයිරස තවදුරටත් ප්‍රචලිත වීම වැළැක්වීමට ජනාධිපති සිරිල් රමෆෝසා ඉතා දැඩි විධිවිධාන නියම කිරීමට අපේක්ෂාවෙන් පසුවේ. රටේ නවතම තත්ත්වය ගැන වාර්තා කරන එරට සෞඛ්‍ය ඇමැති ස්වෙලී මකිසේ අනාවරණය කළේ මාර්තු මාසයේ වසංගතය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ආසාදිතයන් 1,004,413ක් ද මරණ 26,735ක් ද වාර්තා වී ඇති බවයි. 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here