දකුණු අප්‍රිකාව කොරෝනා ආසාදිතයින් දස ලක්ෂය පසු කරයි

    0
    40

    දකුණු අප්‍රිකාව අප්‍රිකානු මහාද්වීපයේ කොරෝනා ආසාදිතයින් දස ලක්ෂය පසු කළ පළමු රට බවට පත් වී තිබේ. අලුතෙන් හඳනාගෙන ඇති වේගයෙන් පැතිරෙන නව කෙරෝනා වයිරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති බව තහවුරු කිරීමෙන් අනතුරුව මේ තත්ත්වය උදා වීම ගැන වෛද්‍ය අංශ විශේෂ අවදානය යොමු කර ඇත. ඇතැම් රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවලට විශාල වශයෙන් රෝගීන් ඇතුළු විම නිසා සම්පත්වල බරපතල හිඟයක් මතුවෙමින් පවතින බව වැඩිදුරටත් පැවැසේ.

    මේ වයිරස තවදුරටත් ප්‍රචලිත විම වැළැක්වීමට ජනාධිපති සිරිල් රමෆෝසා ඉතා දැඩි විධිවිධාන නියම කිරීමට අපේක්ෂාවෙන් පසුවේ. රටේ නවතම තත්ත්වය ගැන වාර්තා කරන එරට සෞඛ්‍ය ඇමැති ස්වෙලී මකිසේ අනාවරණය කළේ මාර්තු මාසයේ වසංගතය ආරම්භ වූ අවස්ාවේ සිට මේ දක්වා ආසාදිතයින් 1,004,413ක් ද මරණ 26,735ක් ද වාර්තා වී ඇති බවයි. 

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here