දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විරාට් කෝලි සම්මාන ලබයි

0
42
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් දශකයේ විශිෂඨතම ක්‍රීඩකයන් අද (28) දිනයේ ප්‍රකාශයට පත් කරන ලදි
 
ඒ් අනුව ගෙවී යන දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රිමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය ද දශකයේ  අයි.සී.සී එක් දින ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර විය
 
දශකයේ විශිෂ්ටතම එක් දින ක්‍රීඩකයා සඳහා කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග ද නම් කර තිබිණ
 
විරාට් කෝලි ටෙස්ට් තරඟ 86 කදී ලකුණු 7240 ක් ලබා ගෙන ඇති අතර එයට ශතක 27 ක් ද ඇතුළත් වේ
 
එක් දින තරඟ 208 කදී ලකුණු 10,388 ක් ලබා ගෙන ඇති අතර එයට ශතක 39 ක් ඇතුළත් වේ
 
ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 80 ක දී විරාට් කෝලි ලකුණු 2768 ක් හිමි කරගෙන ඇත්තේ අර්ධ ශතක 24 ක් ද සමගිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here