නැෂ්විලිහි නත්තල් දින වෑන් රථ පිපිරීමේ සිද්ධියට පොලිසිය සැකකරුවන් නම් කරයි

0
11

නැෂ්විලි හි නත්තල් දිනයේ සිදු වූ තිදෙනකුට තුවාල සිදු කළ වෑන් රථ පිපිරීමේ සිද්ධියට අදාළ ඩී.එන්.ඒ. සාක්ෂි රැස්කළ පොලිසිය සිද්ධියට අදාළ සැකකරුවන් නම් කර තිබේ. අමෙරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ ස්ථානයෙන් රැස්කරගත් ඩී.එන්.ඒ. සාක්ෂි 63 හැවිරිදි සැකකරුවකු වන ඇන්ටනි කුවින් වෝනර්ගේ ඩී.එන්.ඒ.වලට ගැළපෙන බවයි. මේ සිද්ධියට තවත් සැකකරුවකු සම්බන්ධ බවට සාක්ෂි නොමැති බව ප්‍රකාශ කරන එෆ්.බී.අයි රහස් පරීක්ෂකයන් වැඩිදුරටත් පවසන්නේ මේ ප්‍රහාරයේ අරමුණ කුමක්දැයි පැවසීමට තවම තොරතුරු මද බවයි. ටෙලිකොම්ස් නම් සන්නිවේදන කාර්යාලයක් ඉදිරිපිට සිදු වී ඇති මේ පිපිරීම නිසා ටෙනිසි සහ තවත් ප්‍රාන්ත 4ක සන්නිවේදන කටයුතුවලට බාධා සිදු වී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here