වේයන්ගොඩ ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් මෙහෙයුමක් අතරතුර දී මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
“බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඉකුත් 19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන්. එම සැකකරු වේයන්ගොඩ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි පුද්ගලයෙක්. අද අලුයම මෙම සැකකරු සමග යම් මෙහෙයුමක් සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී ඇති වූ සිද්ධියකදී මෙම සැකකරු රෝහල්ගත කිරීමකදී මියගොස් ඇති බවට වාර්තා වුණා. මෙම සැකකරු විසින් කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරියෙක් තුවාල ලැබුවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.